මේ අපේ වත්මන් වාසභූමිය වූ ඕස්ටේ‍්‍රලියාවේ ගිම්හාන සමයයි.
පරිසරය වෙනදාට වඩා උණුසුම්ය. දිවා කල දිගුය. රාති‍්‍රය කෙටිය. එදා සිසිරයේ දී ද, වසන්තයේ වැඩි දිනක දී ද, රජකල ජම්පර්, කෝට්, කබා වෙනුවට අත් කොට කමිස, කොට කලිසම් සබයට පැමිණ ඇත. නිවෙස් තුල, කාර්‍යාල තුල, වාහන තුල එදා රාති‍්‍රයට කි‍්‍රයාත්මක වූ තාපජනක යන්ත‍්‍ර වෙනුවට ශීතජනක යන්ත‍්‍ර එක හුස්මට දුවති.
මේ විද්‍යුත් මාධ්‍යය වල බොළඳ සමය (silly season) වන අතර රූපවාහිනියේ, ගුවන් විදුලියේ වෙනදා පුරුදු මුහුණු වෙනුවට ආගන්තුකයෝ අරක්ගෙන ඇත්තාහ. ඒ අතරම සුපුරුදු ටෝනි ගේ‍්‍රග් ලා ගේ, කෙරී ඕ’කීප් ලා ගේ මුඛරි කතා අපේ කණ කුහර තුල මදුරු තත් හඬවති.
උදේ හවස ඇදෙන කන්තෝරු දුම්රිය වල, බස් රථ වල ගමන් ගන්නා පිරිසේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබේ. පාරේ වාහන තදබදය ද අඩුවී ඇත. මෙයට හේතුව නම් දිගු පාසැල් නිවාඩුවේ ආරම්භ වීම සහ එනිසාම රැකියාවල නියුතු දෙමව්පියෝ ද තම වාර්ෂික නිවාඩු මේ දිනවලට යොදා ගැනීමයි.
මේ, අපේ සංක‍්‍රමණික ශී‍්‍ර ලාංකික ජන කොටසේ ඒ සඳහා අවශ්‍යතාවය ද, මූල්‍යමය හැකියාව ද ඇති සියළු දෙනා, දරු මල්ලන් ද කැටුව, තම වත්මන් වාස භූමිය වූ ඕස්ටේ‍්‍රලියාවේ සිට තම නිජභූමිය වූ ශී‍්‍ර ලංකාව බලා වන්දනාවේ යන සමයයි.
සැම වසරකම නත්තල් ජනේරු සැනකෙලි සමයේ සිනුවර පැවැත්වෙන ප‍්‍රධාන උත්සවයන් දෙකක් ඔබ මේ ලිපිය කියවන මොහොත වන විට අවසාන වී ඇත.
මින් පළමුවැන්න නම් නත්තල් දිනට පසුදින එළැඹෙන පෙට්ටි ඇසුරුම් දිනයේ (boxing day) දී ඇරඹෙන සිඞ්නි සිට හෝබාර්ට් බලා යන රුවල් ඔරු තරගයයි. මෙල්බර්න් වාසීහූ සුප‍්‍රසිද්ධ බොක්සින් දින කි‍්‍රකට් තරගය නරඹද්දී, සිනුවර වැසියෝ වරාය සහ ඒ අසල උස් බිම් තීරුවල දහස් ගණනින් එක් රොක්වන්නේ මේ තරගයේ ආරම්භය නරඹන්නයි. තාක්‍ෂණය, බාහු බලය, නිර්භීතකම, කාලගුණය සහ මේ සැමෙකටම වඩා වැඩියෙන් වාසනාවන්තකමේ රඟ පෙන්වන රුවල් ඔරු තරගයෙන් පිළිබිඹු වන්නේ මුහුදු තරණයට නම් දැරුවන් වන යුරොපීයන්ගේ සම්භවය ඇති සිනුවරුන් ගේ ජානගත අතීතකාමය යැයි මම සිතමි.
මා මෙහිදී සඳහන් කරන්නට අදහස් කරන සිනුවර පැවැත්වෙන දෙවන ගිම්හාන උත්සවය නම් දෙසැම්බර් 31 දින රාතී‍්‍ර පැවැත්වෙන මහා ගිණිකෙළි සංදර්ශනයයි. වෛවර්ණ මල් වෙඩි අහසේ පුපුරා අහසේ මවන විසිතුරු සිත්තම් රටා සිත පිනවන බව නොරහසකි. මිලියනයකටත් වඩා වැඩි පිරිසක් නගරයට කැඳවන මේ 31 රාතී‍්‍ර ගිණිකෙළි රුඟුම සඳහා යන වියදමද මිලියන ගණනකි. මෙය විශාල ප‍්‍රමාණයක් යැයි සිතුනද, ඒ බලා සතුටට පත්වන ජන සංඛ්‍යාව ගැණ සලකා බැළුවහොත් එය ශත ගණනක් පමණක් නොවේද? "ගිණිකෙලියේ දී පුුළුස්සා දැමෙන මුදලින් නල ලිං කීයක් ගොඩ නැගිය හැකිද?" එසේ නැතිනම් "අපි‍්‍රකානු දරුවන් කී දෙනෙක් මන්දපෝෂණයෙන් බේරාගත හැකිද?" යනාදී හදවත අමතන ප‍්‍රශ්ණ සැමදා ජයගන්නා නමුදු මේ ආර්ථික අවගමන සමයේ පාරිභෝගික විශ්වාසය නැංවීමද, මුදල් සංසරණය වැඩි කිරීමද එකසේ අවශ්‍යවේ. අවශ්‍ය වන්නේ විනෝදයේත්, පුණ්‍යාධාරයේත්, පරිභෝජනයේත් නිසි සමතුලිතතාවය රැක ගැනීම යැයි මට සිතේ.
මගේ මේ සටහනේ මුලදී ශී‍්‍ර ලංකාවට නිජභූමිය කියාත්, ඕස්ටේ‍්‍රලියාවට වාසභූමිය කියාත් දෙපදයක් පාවිච්චි කළෙමි. අප දන්නා පරිදි, ඕස්ටේ‍්‍රලියානුවන් තම රට හදුන්වන්නට යොදාගන්නා සුරතල් නාමය "ජයභූමිය" (lucky country) යන්නයි. ඇත්ත වශයෙන්ම අප සමහරෙකු මෙරටට පැමිණෙන්නට අර අඳින සමයේ දීම ඕස්ටේ‍්‍රලියාව හැඳින්වූයේ ජයභූමිය කියාය. කොටින්ම කියනවානම් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සිප්සත ලැබූ අප "ඥාණ, වීර්ය වඩවමින රැගෙන යනු මැන" කියා දිනපතා ලංකා මාතාවගෙන් ඉල්ලා ඇත්තේ මේ ඕස්ටේ‍්‍රලියාව නමැති "ජයභූමිය" කරා ය. ජාතික ගීයේ සැඟවී තිබෙන මේ අදහස මුලින්ම මතුකර දක්වා ඇත්තේ අසූව අශකයේ අග භාගයේ දී ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය කරන්නට සැරසෙමින් සිටි කුමරසිරි නම් මහතෙකි. අපේ උපාධි සහ කුසලතා ඇගයීමකට ලක්කොට පිරිනැමුණු නිත්‍ය පදිංචි වීසාව ලබා ගැනීම සඳහා ඥාණය වැඞීම අවැසි විය. නුහුරු නුපුරුදු නොරටකට ඇවිත් අළුත් ජීවිතයකට කරගහන්නට වීරිය වැඞීම අවැසිවිය.
ජයභූමියට ජයවේවා! සිනුවරට ජයවේවා!!
සිනුවර ආරච්චිල